පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් ඇටමිදුළු සහ රුධිර ජනන සෛල බද්ධ කිරීමේ ඒකකයක් අද (02) දින මහරගම අපේක්ෂා රෝහලේදී විවෘත කෙරුණා.
පිළිකා රෝගී දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක ඉදි කළ පළමු සහ එකම මෙවැනි ඒකකය මෙය වෙනවා.
මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් සඳහා ඉඩකඩ පහසුකම් මදි බැවින් කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර විසින් කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාලයේ මූල්‍ය අරමුදලේ දායකත්වයෙන් තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඉදිරිපත් වූ අතර ශ්‍රම දායකත්වය ගුවන් හමුදාවෙන් ලබා දීම හේතුවෙන් එය සිව් මහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකිරීමට හැකියාව ලැබී තිබුණා.
මෙලෙස ඉදි කළ ගොඩනැගිල්ලේ තුන්වැනි සහ සිව්වැනි මහල් යොදාගනිමින් මෙම නව ඒකකය ස්ථාපිත කර තිබෙනවා.