Sat. Jun 28th, 2025

බසයකට ගසක් කඩා වැටෙයි

May24,2024

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එම බස් රථයේ ගමන් ගත් දෙදෙනකු සුළු තුවාල ලබා ඇත.

මේ පිළිබඳව කරන ලද විමසීමක දී අදහස් දැක්වූ ගිනිගත්හේන පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ඊයේ (23දා) හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ හැටන් ලංගම ඩිපෝවට අයත් අංක ඩබ්ලිව්.පී.එන්.සී. 9527 දරන බස් රථය මතට දියගල ප්‍රදේශයේ දී මාර ගසක් කඩා වැටී ඇති බවයි.

මේ නිසා හැටන් කොළඹ ඒ 07 ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු පැයක පමණ කාලයක් ඇනහිට තිබුණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *