ත්‍රිවිධ හමුදාවෙන් පළා ගිය සියලු දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබෙනවා.
එම නියෝගය නිකුත් කර ඇත්තේ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා විසින්.
මේ වනවිට සැලකිය යුතු ප්‍රමාණයක් යුද හමුදා සේවය හැරගොස් ඇති බවත් එය සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා පෙන්වාදෙනවා.
තමන්ගේ සේවා කාලය සම්පූර්ණයෙන් අවසන් වීමට පෙර නීත්‍යානුකූල නොවන ආකාරයට හමුදාවෙන් පළාගිය හමුදා නිලධාරීන් පාතාලය සමඟ එක් වීමේ වැඩි ප්‍රවාණතාවයක් පවතින බැවින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට මෙලෙස තීරණය කළ බව සඳහන්.