මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් ගැනීමකදී කොටු කර ගැනීමට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සමත්ව තිබෙනවා.
ඔහු සමඟ එම දෙපාර්තමේන්තුවේ ලිපිකරුවෙකුද තැරැව්කරුවෙකුද අත්අඩංගුවට පත්ව තිබෙනවා.
බස් රථ තුනක හිමිකාරිත්වය වෙනස් කර දීම සඳහා රුපියල් ලක්ෂ 3ක අල්ලසක් ලබා ගැනීමේදී කොටු ඇති මේ තිදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත වෙනවා.
එතෙක් මෙතෙක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අල්ලස් ගැනීමේදී අත්අඩංගුවට ගන්නා ලද ඉහළම නිලධාරියා වන්නේ මොහු බවයි පැවසෙන්නේ.