Sat. Jun 28th, 2025

ටයර් ගබඩාවක් ගිනි ගනී

Jul22,2024

ඌවපරණගම ඌමාඇල ප්‍රදේශයේ ටයර් ගබඩාවක් අද (22) හටගත් හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි අඹගස්දොව පොලිසිය පවසනවා.

මෙම ටයර් ගබඩාව වසා තිබියදී මෙසේ ගින්න හටගෙන ඇති අතර , බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය , අඹගස්දොව පොලිසිය , ඌවපරනගම ප්‍රාදේශීය සභාව එක්වී වතුර බවුසර් යොදා ගනිමින් ගින්න අවට ප්‍රදේශයේ පැතිර යාමට ඉඩ නොදී නිවා දැමූ බවයි පොලිසිය පැවසුවේ

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ

විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි පොලිසිය සැකකරනවා

ගින්නෙන් ටයර් ගබඩාවේ තිබූ ටයර් විනාශ වී ඇති අතර සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *