නෝටන්බ්‍රිජ් සිට නුවරඑලිය දක්වා ධාවනය කරමින් තිබු ත්‍රිරෝද රථයක් නානුඔය උඩ රදැල්ල ප්‍රදේශයේදි (03) දින ගිනිගෙන විනාශ වි ඇති බව නානුඔය පොලිසිය පැවසිය.
ගිනි ගැනිමට ලක් වු ත්‍රිරෝද රථයේ සිව්දෙනෙකු ගමන් කර ඇති අතර , එක වරම ත්‍රිරෝද රථයේ පිටුපසින් ගින්නක් හට ගැනිමත් සමග ත්‍රිරෝද රථයේ ගමන් ගත් සිව්දෙනා ත්‍රිරෝද රථයෙන් බැසිමත් සමගම ත්‍රිරෝද රථය ගිනිගෙන විනාශ වි ඇති බවයි පොලිසිය කියා සිටියේ.
ත්‍රිරෝද රථය අධික ලෙස රත්විමත් සමග එහි ඉන්ධන කාන්දුවකින් ගින්න හටගන්න ඇති බවට නානුඔය පොලිසිය සැකකරයි.