Sat. Jun 28th, 2025

PHI සංගමයේ භාණ්ඩාගාරික ඝාතනයේ සැකකරුවෙක් අල්ලයි

Jul4,2024 #breaking news #murder #phi

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්ව ඝාතනය කිරීමේ සිදුවීමට අවශ්‍යව සිටි වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අල්පිටිය, පතිරාජ මාවතේ දී මෙම ඝාතනය සිදුකර තිබූ අතර පොලීසිය පැවසුවේ, ගිනිඅවි දෙකක් ද සමග ගල්කිස්ස ප්‍රදේශයේ දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවයි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා ඉකුත් පෙබරවාරි 26 වනදා උදෑසන වෙඩිතබා ඝාතනය කර සැකකරුවන් පළාගොස් තිබුණා.

වෙඩික්කරුවන් යතුරුපැදියකින් පළා යන අයුරු දැක්වෙන CCTV රූපරාමු පෙළක් ද විමර්ශකයින් පසුව සොයා ගැනුණා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *