පසුගිය දා ඇති වූ හදිසි ගංවතුර තත්වයට මුහුණ දීම සඳහා මූල්‍යාධාර වශයෙන් රුපියල් ලක්ෂ 300ක මුදලක් ලබා දීමට චීනය කටයුතු කර තිබෙනවා.
ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong එම මුදල නිල වශයෙන් බාර දෙනු ලැබුවා.
ගංවතුර තත්වය වැලැක්වීම සහ කළමනාකරණයට අදාළව ගත යුතු දිගුකාලීන උපායමාර්ග පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කර තිබෙනවා.