Sat. Jun 28th, 2025

ආණ්ඩුවේ ලොකුම ආචාර්ය ඇමැති කෙනෙකුට ප්‍රබල චෝදනාවක්: මන්ත්‍රීකමත් නැති වෙයි ද?

Dec20,2024

උපාලි පන්නිලගේ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යවරයාගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබෙනවා.

අමාත්‍යවරයා පසුගිය මැතිවරණයට ඉදිරිපත් වන අවස්ථාවේදී රජයේ සේවයෙන් ඉවත්ව සිට නැති බවත් අමාත්‍යවරයෙක් ලෙස පත් කරන විටදීත් රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් සිටි බවත් මෙම පෙත්සමෙන් කරුණු දක්වා ඇතැයි සඳහන්.

මෙලෙස කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් මෙලෙස රීට් ආඥාවක් ඉල්ලා ඇති අතර මෙම පෙත්සම අභිනව නිදහස් පෙරමුණ පක්ෂයේ සභාපති ඕෂල හේරත් විසින් ඉදිරිපත් කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *