සිවිල් පුරවැසියන්ට තම ජීවිත ආරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යංශය විසින් ලබා දී තිබූ සියලුම වර්ගවල ගිනි අවි සහ පතුරම් තුවක්කු නැවත රජයට භාර දෙන ලෙස කළ ඉල්ලීම පිළිගෙන 85% දෙනා පමණ ඒවා බාර දීමට කටයුතු කර ඇතද තවත් 15% පමණ පිරිසක් ඒවා තවමත් භාර දී නැති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනවා.
මේ දක්වා එලෙස බාර නොදුන් ගිනි අවි සහ පතුරම් නැවත භාර දීම සඳහා ජනවාරි 20 දින දක්වා කාලය ලබා දී තිබෙනවා.
සිවිල් ජනසමාජය තුළ ගිනි අවි පරිහරණය හා අවභාවිතය අවම කිරීම මෙන් ම නිසි නියාමනයක් ඇති කිරීම හරහා සමාජය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරනවා.