Sat. Jun 28th, 2025

සොරා ගත් ත්‍රිරෝද රථයක් මිලදි ගත් විශේෂ කාර්ය බළකා කොස්තාපල් අත්අඩංගුවට

Jun18,2024

සොරා ගත් ත්‍රී රෝද රථයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ රාජගිරිය කඳවුරේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරනවා.

රත්ගම ප්‍රදේශයෙන් සොරාගෙන ගොස් තිබූ රුපියල් ලක්ෂ 11 ක් වටිනා ත්‍රීරෝද රථයක් මුහුණු පොත හරහා විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයෙකුට රුපියල් 1,75000 ක් මුදලකට අලෙවිකර තිබියදී සොයා ගෙන තිබුණා.

මෙම ත්‍රීරෝද රථය ඉකුත් 16 දින රත්ගම ගාලු පාරේ ගම්මැද්දගොඩ ප්‍රදේශයේ නවතා තිබියදී කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මුහුණුපොත හරහා දමා තිබූ දැන්වීමකට අනුව ගොස් රුපියල් 1,75,000 ක මුදලකට එය ලබාගත් බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *