මැයි දිනය හේතුවෙන් මැයි මස 01 වනදා දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
කොළඹ ඇතුළු මැයි රැළි පැවැත්වෙන නගර ආශ්‍රිතව එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.
මැයි රැළි සහ මැයි පෙළපාලි ගමන් ගන්නා මාර්ග ආශ්‍රිතව එදිනට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පැවසීය.
ඒ හේතුවෙන් එම ප්‍රදේශ වල ඇතිවිය හැකි මාර්ග තද බදය හැකිතාක් අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිසිය සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියි.