කොළඹ වරාය සමූහ මිනී වලේ දෙවැනි අදියරේ කැනීම් සිදු කළ පළමු දිනයේ වැඩ නිමා වන විට අවම වශයෙන් එක් පුද්ගලයකුට අයත් හිස් කබලක් ගොඩ ගෙන තිබෙනවා.
පසුගිය ජූලි මාසයේ කොළඹ වරාය මිනී වලේ පළමු අදියරේ කැනීම් කටයුතු දින අටකට පසුව සැප්තැම්බර් 13 වැනිදා සිකුරාදා දහවල් තාවකාලිකව නතර කරන විට අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනකුට අයත් ඇටසැකිලි මතුකරගෙන තිබු අතර තවත් හිස් කබල් හතරක් පමණ කැනීමේ වලෙහි තිබෙනු දැකගන්නට ලැබුණා.
දෙවැනි අදියරේ කැනීම් කටයුතු ආරම්භ කළ සැප්තැම්බර් 26 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ එහි ගිය මාධ්‍යවේදීන්ට දැන ගන්නට ලැබී ඇත්තේ අද දිනයේ එයින් එක් හිස් කබලක් පමණක් ගොඩ ගෙන ඇති බවයි.
කොළඹ සමුහ මිනි වලේ කැනීම් කටයුතු සිදු කළ පළමු අදියරේදී ගොඩ ගත් කුඩා අස්ථි කොටස් මේ වන විට ගබඩා කර ඇත්තේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුල බව වාර්තා වෙනවා.
සමුහ සුසානය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවනු ලබන්නේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි සුනිල් හේවගේ සහ පුරාවිද්‍යාඥ රාජ් සෝමදේව විසින්.
කොළඹ වරාය දක්වා දිවෙන අලුතින් ඉදිවෙන අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සඳහා පොළොව හාරමින් සිටියදී 2024 ජුලි මස 13 වැනිදා පළමු වරට මිනිස් අස්ථි කොටස් හමු වී තිබුනේ කොළඹ වරායේ පිහිටි පැරණි ලේකම් කාර්යාලය පරිශ්‍රයෙන්.
ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ විනිසුරු ඉදිරියේ 2024 සැප්තැම්බර් 05 වැනි බ්‍රහස්පතින්දා එම ස්ථානයේ කැණීම් කටයුතු ආරම්භ කළා.