Wed. Jun 25th, 2025

ඌරෙකුට පත්තු කළ වෙඩිල්ල කුඩා දැරියකට මරු කැඳවයි

Feb28,2025 #gunshoot #pig

කුලියාපිටිය, හෙට්ටිපොල ප්‍රදේශයේ දී ඊයේ (27) රාත්‍රියේ වෙඩිවැදී රෝහල්ගතකර සිටි වයස අවුරුදු 09ක දැරියක් මියයෑමට අදාළව සැකකරුවෙකු හෙට්ටිපොල පොලීසිය විසින් අත්තඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විමර්ශනවල දී හෙළි වී ඇත්තේ මඟුලාගම ප්‍රදේශයේ දී ඌරන් දඩයම් කිරීමට තබන ලද අපරික්ෂාකාරී වෙඩි තැබීමකින් මෙම දැරිය මරණයට පත්ව ඇති බවයි.

මියගිය දැරිය සිය මිත්තණිය සමඟ නිවසේ රැඳී සිටියදී, අසල පිරිසක් ඌරන් දඩයම් කිරීමට කෑකෝ ගසන ශබ්ද ඇසී එය බැලීමට නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ දී වෙඩි වැදී තිබෙනවා.

දැරියගේ මිත්තණිය ද තුවාල ලබා රෝහල්ගතකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 48ක් වන මගුලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු සන්තකයේ තිබූ බෝර 12 පතොරම් ගිනි අවිය, එම තුවක්කුවට අදාළ 2025 වර්ෂයේ බලපත්‍රය හා හිස් පතොරම් කොපු 02ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *