ඕමානයේ අගනුවර පිහිටි දේවස්ථානයක් ආසන්නයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තවත් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
එම කලාපයේ ගැටුම් නිරාකරණය සඳහා ඕමානය නිරතුරුවම මැදිහත් වන අතර වෙඩිතැබීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බව එරට බලධාරීන් ප්‍රකාශ කළා.