යුද හමුදා මූලස්ථානයේ ඇතුළත මුරපොළක රාජකාරියේ නිරතව සිටි සෙබළෙකු සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බව වාර්තා වෙනවා.
මෙසේ සියදිවි හානි කරගෙන ඇත්තේ මීරිගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ලාන්ස් කෝප්‍රල්වරයෙක්.
යුද හමුදා මූලස්ථානයේ ආරක්ෂක කුටියක තවත් සෙබළුන් දෙදෙනෙකු සමඟ රාජකාරියේ යෙදී සිටින අතර මෙම සියදිවි නසා ගැනීම සිදු කරගෙන ඇති අතර තලංගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.