මේ වසරේ ගෙවී ගිය මාස 10 තුළ සිදු වූ මාරක රිය අනතුරු 1818කින් පුද්ගලයන් 1898ක් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා (30) මාධ්‍ය හමුවේදී පැවසුවා.
මේ පිරිසෙන් 676ක් ම පාරේ ගමන් ගත් අය බවයි පැවසුණේ.
ඉතිරි මරණවලින් 583ක් යතුරුපැදිකරුවන් බවත්, රියදුරන් 135ක් මගීන් 249ක් සහ පාපැදිකරුවන් 123ක්ද සිටින බව වාර්තා වුණා.
අනතුරු සිදු වූ වාහනවලින් 730ක් යතුරුපැදි, ත්‍රිරෝද 209, බස් රථ 146ක්, මෝටර් රථ 135ක්, වෑන් 118ක්, කැබ්රථ 55ක්, ජීප් රථ 21, පාපැදි 12ක් සහ කන්ටේනර් 9ක්, බවුසර් 6ක් සහ අත්ට්‍රැක්ටර් 5ක් ද වෙනවා.
රාත්‍රී කාලයේ ගමන් කිරීමේදී කළු පැහැති ඇඳුම් ඇඳ සිටීම නිසා රියදුරන් නොපෙනී අනතුරු සිදුවීම් රැසක් වාර්තා වූ බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.