Fri. Jun 27th, 2025

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ගිනිඅවි අරන් පොලිසියට ඇවිත්!

Jan15,2025 #news #police
A senior lecturer has come to the police with a firearm!

විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු තම පියාගේ පැරණි කාමරයෙන් සොයාගත් ගිනි අවි දෙකක් සහ පතුරම් ප්‍රමාණයක් සමඟ ඊයේ නාරාහේන්පිට පොලිසියට පැමිණ ඒවා බාර දී ඇතැයි වාර්තා වෙනවා.

නාරාහේන්පිට දාබරේ මාවතේ පදිංචි ඔහු විසින් බාර දුන් අවි අතර බෝර 12 තුවක්කුවක්, පතොරම් 10ක් රිවෝල්වරයක් සහ එහි පතරොම් 5ක් අඩංගු වුණා. මෙම ගිනි අවි සියල්ල පියාගේ පැරණි කාමරය පිරිසිදු කිරීමේදී අහම්බෙන් සොයාගත් බව පවසා තිබෙනවා.

ඔහුගේ වැඩිදුර තොරතුරු අනුව පියා මෙයට වසර 20කට පෙර මියගොස් ඇති අතර 1988-89 කාලයේ එවකට පැවැති දේශපාලන අස්ථාවර තත්වය නිසා පියා වෙත ආරක්ෂාව වෙනුවෙන් කොමියුනිස්ට් පක්ෂය විසින් ලබා දෙන්නට ඇතැයි අනුමාන කෙරෙනවා. පියා එවක කොමියුනිස්ට් පක්ෂ ප්‍රබලයෙකු බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසිය විමර්ශන පවත්වන අතර ගිනි අවි ස්වේච්ඡාවෙන් භාර දීම සම්බන්ධයෙන් ඔහුට ප්‍රශංසාවක් හිමිවනු ඇතැයි පැවසෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *