මැතිවරණ ව්‍යාපාරයේ සිට කතානයක ධුරය දක්වා කටයුතු කිරීමේ දී ජවිපෙ ප්‍රබලයෙකු වූ අසෝක රන්වල ප්‍රසිද්ධ කළ අධ්‍යාපන සුදුසුකම් ඔහුට නැති බවට වන ආන්දෝලනයක් පසුගිය දිනවල ඇති වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දෙසැම්බර් 17 වැනි දින ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් නියෝජ්‍ය කතානායක ලෙස පත් කරනු ලැබූ එම පක්ෂයේ රිස්වි සාලි මන්ත්‍රීවරයා විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වාගත්ත ද ඔහු විශේෂඥ වෛද්‍යවරයෙකු නොවන බවට සඳහන් වෙනවා.
ඉංජිනේරුවෙකු ලෙස හඳුන්වාගන්නා නව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන්ද ප්‍රශ්නකාරී තත්වයක් පැන නැගී තිබෙනවා. ඔහු ඉංජිනේරු වෘත්තිකයෙක් නොවන බව ඔහු දන්නා බව කියන අය පවසනවා.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය අනුර කරුණාතිලක තමන්ට ආචාර්ය උපාධියක් ඇතැයි කියා ඇතද ඔහු සිය ආචාර්ය උපාධිය මේ දක්වා සම්පූර්ණ කර නැති බවට චෝදනා නැගෙනවා.
ඒ අතර සංස්කෘතික සහ බුද්ධ ශාසන අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි බුද්ධිමය දේපළ අවභාවිත නඩුවක වැරැදිකරු වූ බවට ප්‍රචාරයක්ද නැගී තිබෙනවා.
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පෙර ආචාර්ය හර්ෂණ නානායක්කාර ලෙසින් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ දක්වා තිබුණ ද එය මේ වන විට ඉවත් කර ඇති බවද වාර්තා වෙනවා.
ඒ අතර ජාතික ජනබලවේගය රජයේ මැති ඇමැතිවරුන්ගේ මහාචාර්ය තනතුරු, ආචාර්ය උපාධි, ඉංජිනේරු, වෛද්‍ය තනතුරු සහ සියලු අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කිරීම සඳහා තේරීම් කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් එජාපය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තීරණය කර ඇතැයි වාර්තා වෙනවා.