සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ලබා දී තිබෙනවා.
විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලිගේ නිල මැදිරියේ දී අදාළ වාර්තාව ලබාදී ඇති බව සඳහන්.
එම වාර්තාවට අනුව අධිකරණය විසින් පොලිසියට නියෝග කිහිපයක්ද නිකුත් කර ඇති බව වාර්තා වනවා.
සංවිධානාත්මක අපරාධකරුවකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.