Sat. Jun 28th, 2025

පාසල් සිසුවියක් බස් රථයකට යටවී මිය යයි

May22,2024

නව කුරුඳුවත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් පාසල් සිසුවියක් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මල්ගොල්ල පටිතලාව ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවියකි.

අද උදෑසන නව කුරුඳුවත්ත පොලිස් වසමේ උඩහේන්තැන්න ප්‍රදේශයේදී බස් රථයෙන් බැස එම බස් රථය ඉදිරිපිටින් මාර්ගය හරහා මාරුවීමට ගිය අවස්ථාවේදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව තිබුණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවිය නව කුරුඳුවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නව කුරුඳුවත්ත පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *