කොරියානු E-8 වීසා කාණ්ඩයේ රැකියා ලබාදෙන බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙනවා.
E-8 රැකියා කාණ්ඩය යටතේ රැකියා හෝ ඊට අනුබද්ධ පුහුණුවකට කිසිදු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට, පුද්ගල කණ්ඩායමකට කිසිදු අනුමැතියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙතෙක් ලබා දී නැති බව ඔවුන් පවසනවා.
ඒ අනුව රැකියා නියෝජිත ආයතනයකට, පුද්ගලයෙකුට හෝ පුද්ගල කණ්ඩායමකට එවැනි ක්‍රියාවක නිරත වීමට නීතිමය හැකියාවක් නොමැති අතර එවන් කටයුතුවලට හසුවී හෝ අනුබල දෙමින් ක්‍රියාත්මක වෙන රැකියා නියෝජිත ආයතන හෝ රැකියා නියෝජිත ආයතන මුවාවෙන් ක්‍රියාත්මක වෙන ආයතන හෝ පුද්ගලයන් හෝ අතරමැදියන් තරාතිරම නොබලා අත් අඩංගුවට ගැනීමට විදේශ නියුක්ති කාර්‍යාංශ පනතේ විධිවිධාන යටතේ ක්‍රියකරනු කරන බවයි එම කාර්යාංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.