ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු නැවතත් ජනාධිපතිධුරයට පත් කළ යුතු යැයි පවසමින් පුද්ගලයන් තිදෙනෙකු ත්‍රිකුණාමලය නගර සභා පරිශ්‍රයේ සත්‍යග්‍රහයක් සිදු කර තිබෙනවා.
මෙම සත්‍යග්‍රහය පැවැත්වූයේ ඇමති ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුතු ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයන් තිදෙනෙකි.
රටට මුහුණපා ඇති ආර්ථික අර්බුදය විසඳීමට වත්මන් ජනාධිපතිවරයාගේ සුදුසුකම ගැන අවධාරණය කරන ඔවුන්, ඉදිරි ජනාධිපතිවරණයේදීත් ඔහු නැවත ජනාධිපති ලෙස පත්විය යුතු බව පවසනවා.