Sat. Jun 28th, 2025

වාර්තාගත කීරි මත්ස්‍ය අස්වැන්නක්

Aug26,2024

මඩකලපුව ප්‍රදේශයෙන් වාර්තාගත කීරි මත්ස්‍ය අස්වැන්නක් ලැබී ඇති බව ධීවරයින් පවසනවා.

නැගෙනහිර පළාතට මාස කිහිපක සිට බලපාන්නේ දැඩි වියළි කාලගුණ තත්ත්වයක්.

මේ හේතුවෙන් එම පළාතේ වැසියන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටිනවා.

මෙවැනි පසුබිමකයි මඩකලපුව කල්අඩි ප්‍රදේශයෙන් කීරි මාළු ලක්ෂ ගණනක් අල්ලා ගැනීමට හැකිවී තිබෙන්නේ.

මෙම මසුන් කල්අඩි මුහුදු තීරයේදී අද අලුයම අලෙවි කරන ආකාරය දැකගත හැකිවුණා.

මාළු කිලෝවක් රුපියල් 500 බැගිනුයි අලෙවි කෙරුණේ. වෙනත් දිනවල කීරි මාළු කිලෝව අලෙවි වූයේ රුපියල් 1200කට වුවත් මත්ස්‍ය අස්වැන්න ඉහළ යාම නිසා මිල අඩුවූ බවයි ධීවරයින් ප්‍රකාශ කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *