වතු කම්කරුවන් වෙනුවෙන් සාධාරණ වැටුප් වැඩිකිරීමක් ඉදිරියේදී සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එහිදී ඔහු සඳහන් කර සිටියේ මේ ආණ්ඩුව ආයේ කිසිදාක බංකොලොත් කළ නොහැකි බවත් රාජ්‍ය සේවකයින්ට එළැඹෙන අයවැයෙන් වැටුප් වැඩි කරන බවයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (03) නුවරඑළිය ප්‍රදේශයේ පැවැති ජන රැලියකදීෙ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේ පැවසුවා.
“ජනාධිපතිවරණයේදී නුවරඑළියේ ඡන්ද ගැනීමේ අරමුණින් පක්ෂවල නායකයෝ මෙහේ ආවා. මේ පාර ආවද නෑනේ. නෑ එන්නේ නෑ. ඇයි මේ පාර එයාගේ ඡන්දේ තියෙන්නේ කොළඹ. ඒ නිසා මෙහේ එන්නේ නෑ.. පැරදිලාවත් යන්නේ නෑ. ඡන්ද කොච්චර පැරදුණත් ගේ ගෙබ්බෝ වගේ ආයේ ඉව අල්ලනවා එන්න. හැම අප්‍රේල් මාසේම හිටපු ජනාධිපති එනවා නුවරඑළියේ. මිනිස්සු හිතන්නේ මිනිස්සුන්ගේ දුක අහන්න එනවා කියලා. නෑ එහෙම නෙමේ. අන්තිමේට එයා නුවරඑළියේ ආවේ නෝනගේ උපන්දිනය දවසේ. නුවරඑළියේ ජනාධිපති මන්දිරේ කාබනික එළවළු වගා කරනවා. හැම සිකුරාදම කිලෝ 60ක් එනවා ජනාධිපති මන්දිරයට. එයාලට පිටකොටුවෙන් කන්න බෑ ඇයි එයාලා උඩනේ.”