Sun. Jun 29th, 2025

විද්‍යා ප්‍රශ්න පත්‍රයෙත් ගැටලුවක්

May12,2024

සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පසුගියදා පැවති විද්‍යා විෂයට අයත්  ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලසුමට පරිබාහිරව සකස්කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මන්ත්‍රිවරයා චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් කැඳවමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ විද්‍යා විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ බහුවරණ ප්‍රශ්න තුනකට සහ රචනා ප්‍රශ්න තුනක කොටස් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සැලැස්මෙන් බාහිරව ප්‍රශ්න පත්‍රය සකස් කර ඇති බවය.

ඒ සම්බන්ධයෙන් තමා විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විමසීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ මහතා තවදුරටත් පැවසීය.

එහිදී විභාගය පවත්වා මාසයකින් පසු සිදුකරන ලකුණු ලබාදීමේ ප්‍රගති සමාලෝචනයේදී මේ පිළිබඳ සාකච්ඡා කර දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස ලකුණු ලබාදීම පිළිබඳ වැඩපිළිවෙළක් සකස් කරන බවට විභාග කොමසාරිස් ජනරාල්වරයා තමාට දැනුම්දුන් බවද මන්ත්‍රීවරයා පැවසීය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *