Fri. Jun 27th, 2025

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු අත්අඩංගුවට

Aug28,2024

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන නදීන් බාෂික් ගෙ පුතා වනමෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන නදීන් බාසික් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2024.02.16 වන දින වැල්ලවත්ත හැවලොක්සිටි අසල දී ලංකාවේ ප්‍රධාන මත්ද්‍රව්‍ය බෙදාහරින ස්ථානයක් වැටලීමේදී මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ගෝඩ් ෆාදර් ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැති ලංකාවට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ පුතා වන නදින් බාසික් සහ අංගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙක් වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ ඉදිරිපිට මාර්ගයේ දී රාජකාරි නියුතු විශේෂ කාර්ය බලකා නිලධාරියෙක් මෝටර් රථයක් නැවැත්වීමට සංඥා කිරිමේදී නිලධාරියාව අනතුරට ලක් කරමින් පොලිස් යතුරු පැදියකට අලාභානි කර මෝටර් රථය හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ රථ වාහන අංගනය දෙසට නොනවත්වා ධාවනය කර නදීන් බාසික් පලාගොස් තිබුණා.

ප්‍රදේශිය සභා මන්ත්‍රීවරයා විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර අත්අඩංගුවට ගත් ස්ථානයේ රත්තරං පවුම් 100 ක් මෝටර් රථ 03 ක යතුරු තිබූ අතර එම මෝටර් රථ 03 පරික්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 19 ක් ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිඝණකයක්, සහ ඩිරාම් මුදල් 535 ක් සහ ඩොලර් 161 ක් සහ නදින් බාෂික් යන අයගේ නමට තිබූ රියදුරු බලපත්‍රයක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ හැඳුනුම්පතක්, ඩුබායි රාජ්‍යයෙන් නිකුත් කරනු ලැබූ රියදුරු බලපත්‍රයක් සහ ගමන් බෑගයක්, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධ ලිපි ලේඛණ හමු වූ බව සඳහන්.

ඒවා වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත සහ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය වෙත භාර දී තිබෙනවා

මෙම සිද්ධියට සම්බන්ධ ශිරාන් බාසික්ගේ පුත් නදින් බාසික් 2024.08.28 වන දින ඩුබායි රාජ්‍යයේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි පසු මිනීමැරීමකට තැත් කිරීම සහ රිය අනතුරක් සිදුකර පලායාම සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා

2024.02.16 වන දින මත්ද්‍රව්‍ය වැටලීමට අදාලව නදින් බාසික් අත්අඩංගුටව ගැනීම වලක්වාලමින් ජනාධිපති නීතිඥයකු ඇතුළු නීතිඥ කණ්ඩායමක් විශේෂ කාර්ය බලකායට සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට විරුද්ධව මහාධිකරණයෙන් නදීන් බාසික් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට එරෙහිව අභියාචනාධිකරණයෙන් රිට් ආඥාවක් ලබා ගෙන තිබුණා

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *