Fri. Jun 27th, 2025

වාහන 3ක් ගැටීමෙන් පුද්ගලයෙකුට බරපතළ තුවාල

Aug21,2024

බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ දෙමෝදර ප්‍රදේශයේදී වාහන 3ක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් රෝහල් ගත කර තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ දෙමෝදර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.

බදුල්ල සිට ආ යුද හමුදාවට අයත් කැබ් රථයක් අපරික්ෂාකාරී ලෙස ඉදිරියෙන් ගිය ටිපර් රථයට ඉස්සර කිරීමේදී තවත් ටිපර් රථයක ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි බණ්ඩාරවෙල පොලීසිය පවසන්නේ.

අනතුරෙන් ටිපර් රථයේ රියදුරු දෙමෝදර රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයක් නිසා බදුල්ල ශික්ෂණ රෝහලට මාරු කර තිබෙනවා.

වාහන පොලිස් බාරයට ගෙන ඇති අතර යුද හමුදා කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදු කරන බවයි ඇල්ල පොලීසිය සඳහන් කළේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *