Sat. Jun 28th, 2025

බයික් එකේ තනි රෝදෙන් වැඩ දැමූ තරුණයා නිසා පාරේ ගිය අයෙක් මරුට!

Dec18,2024 #accident #news #police

ඉදිරිපස රෝදය ඔසවා තනි රෝදයෙන් ධාවනය කළ (වීල් කරනවා යැයි තරුණයන් හඳුන්වන) යතුරුපැදියක් අනුරාධපුර, ලෝගුස්වැව – අලුත්පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ ගැටීමෙන් බරපතළ තුවාළ ලැබූ එම පුද්ගලයා මිය ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ සේවය කළ අයෙකු වන මෙම අය සමග තවත් දෙදෙනෙකු තුවාළ ලබා තිබුණා.

මිය ගිය පුද්ගලයා පාරේ ගමන් කරමින් සිටියදී 22 හැවිරිදි තරුණයෙකු සිය අධිබල යතුරුපැදිය මෙලෙස තනි රෝදයෙන් ධාවනය කරද්දී ගැටී ඇති අතර පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාකීර්ණ මංමාවත්වල පවා මෙලෙස යතුරුපැදිවලින් ක්‍රීඩා කිරීම සුලබව ඇති අතර පසුගිය කාලයේද අනතුරු ගණනාවක් සිදුව නිරපරාද ජීවිත රටට අහිමි වුණා. මෙම තත්වය වැලැක්වීමට වඩා බලවත් නීති ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව ජනතාව පවසනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *