Fri. Jun 27th, 2025

මරදානේදී පුද්ගලයෙකු ඝාතනය කරයි

Aug26,2024

පෞද්ගලික ආරවුලක් මත සිදුකළ පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (25) රාත්‍රී කාලයේ දී මරදාන පොලිස් වසමේ දේවානම්පියතිස්ස මාවත ප්‍රදේශයේ දී මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් සිදුකළ පහරදීමකින් මෙම ඝානය සිදුව ඇති බව පොලීසිය පවසනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් 19 හැවිරිදි වියේ පසුවූ වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *