Sat. Jun 28th, 2025

පස් කණ්ඩියකට යට වී පුද්ගලෙයක් මරුට

Nov7,2024 #death #mine #police

ලග්ගල පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී පතලක වැඩකරමින් සිටි පුද්ගලයකු මතට පස් කණ්ඩියක් කඩා වැටී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ඊයේ (06) සවස එම අනතුර සිදුව ඇති අතර මියගිය පුද්ගලයා අවුරුදු 40ක් වූ හත්තොට අමුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මියගිය පුද්ගලයා ඇතුළු තවත් පුද්ගලයින් සිව්දෙනෙකු පුද්ගලික ඉඩමක මැණික් පතලක් හාරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

මෘත ශරීරය ලග්ගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ලග්ගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *