Sat. Jun 28th, 2025

රනිල්ගෙන් අමුතු ආරාධනාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සජීවී  සාකච්ඡාවකට සහභාගි වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඔහුගේ ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂයින් වන සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාර දිසානායකට ආරධනාවක් කර තිබෙනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ විශේෂ සමුළුව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා එම ආරාධනාව පිලිබඳව ප්‍රකාශ කර තිබෙනවා.

භාණ්ඩ මිල අඩු කිරීමට සහ බදු අඩු කිරීමට තමාද අපේක්ෂා කරන නමුත් එවැනි පියවර සඳහා එළඹිය හැකි වන්නේ රුපියල ශක්තිමත් කිරීමෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම්වලට අනුව කටයුතු කිරීමෙන් පමණක් බවත් ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගිවිසුම කිසිසේත්ම වෙනස් කළ නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *