Mon. Jun 23rd, 2025

ලංකාවේ ආරක්ෂකයින්ට කොකා පෙන්නූ නයිජීරියානුවා

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සහ පෞද්ගලික ආරක්ෂකයන් දෙදෙනෙකු සමඟ ප්‍රතිකාර සඳහා රාගම රෝහලට රැගෙන ආ නයිජීරියානු ජාතිකයෙකු ඔවුන්ගෙන් මිදී පළාගොස් ඇති බව රාගම පොලිසිය පවසනවා.

තිස් හැවිරිදි නයිජීරියානුවාට අත්විලංගු දමා නොමැති අතර වැසිකිළි යෑමට අවශ්‍ය බව පවසා වැසිකිළියට ගොස් එහි ජනේලයකින් පළාගොස් ඇති බවයි අනාවරණය වන්නේ.

මෙලෙස පළාගොස් ඇත්තේ වැලිසර මහබාගේ පිහිටුවා ඇති ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන විදේශික රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි අයෙකු බව පොලිසිය සඳහන් කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *