Sat. Jun 28th, 2025

ගම්මන්පිලගෙන් අලුත් ඉල්ලීමක්

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී විකාශය වූ 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ‘Channel 4’ නාලිකාව විසින් විකාශනය කරන ලද වීඩියෝ පටයේ රජයේ ඉහළම නිලධාරියකු ලෙස තමන් හඳුන්වාගත් පුද්ගලයෙකු පිළිබඳව සොයාබලන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

පසුගිය ආණ්ඩුව විසින් පත්කරන ලද විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් ප්‍රමුඛ කමිටුව විසින් Channel 4 වීඩියෝ පටය විමර්ශනය කිරීමේ වාර්තාව පිළිබඳ තොරතුරු හෙළිදරව් කරමින් අද විශේෂ ජනමාධ්‍ය හමුවක් පැවැත්වූ ගම්මන්පිල මෙම ඉල්ලීම කළා.

එම වීඩියෝවේ සිටින රජයේ ඉහළම නිලධාරියකු යැයි කියන පුද්ගලයා කවුරුන්ද යන්න සොයාබැලීමට කමිටුවක් පත්කරන ලෙස තමන් ආණ්ඩුවට අභියෝග කරන බව උදය ගම්මන්පිල පැවසුවා.

“චැනල් 4 නාලිකාවේ විකාශය වූ වීඩියෝ පටයේ බුද්ධි අංශවලට සහ හමුදා නිලධාරීන්ට චෝදනා කරමින් අදහස් පළකළ පුද්ගලයා රජයේ ඉහළ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් මේ වන විට රජයේ ඉහළ තනතුරක් දරන්නේ නම්, වත්මන් ආණ්ඩුව රාජද්‍රෝහී චෝදනාවට ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතුයි” යනුවෙන් ඔහු පෙන්වා දුන්නා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හෙළිවී ඇති තොරතුරු සම්බන්ධයෙන් මඩ ප්‍රතිචාර දැක්වීම වෙනුවට අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්මන්පිල ආණ්ඩුවෙන් වැඩි දුරටත් ඉල්ලා සිටියේය.

2019 පාස්කු ප්‍රහාරයට අදාළ වාර්තා දෙක සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් පවත්වන ලද දෙවැනි විශේෂ ජනමාධ්‍ය හමුව මෙයයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *