චීන වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින්, දියවැඩියාවට එරෙහිව නව ප්‍රතිකර්මයක් හඳුන්වා දීමට සමත්ව තිබේ. විදෙස් මාධ්‍ය අනුව, මෙම නව ප්රතිකර්මය ලොව පුරා මිලියන ගණනක් දියවැඩියා රෝගීන්ට මහත් අත්වැසිල්ලක් වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
මෙම නව ප්රතිකර්මයේදී, ඉන්සියුලීන් එන්නත් කිරීම වෙනුවට, අගන්‍යාසයේ ඉන්සියුලීන් නිපදවන සෛලවලට සමාන කෘත්‍රිම සෛල පර්යේෂණාගාර තළ නිපදවා, ඒවා දියවැඩියා රෝගීන්ට ලබා දීම සිදු කෙරේ. මෙම ක්‍රමය භාවිත කරමින් සිදුකළ සායනික පර්යේෂණ කීපයක් සාර්ථක විය හැකි බවත්, එම පර්යේෂණ වලදී දියවැඩියා රෝගීන්ගේ තත්ත්වය සාර්ථකව පාලනය කළ හැකි වූ බවත් චීන විද්‍යාඥයන් පවසති.