Sat. Jun 28th, 2025

කුලියට ගෙවල් දෙන අයට අලුත් නීතියක්

Jul10,2024

1972 අංක 7 දරණ ගෙවල් කුලී පනත පරිච්ඡින්න කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස පසුගිය 2023-09-04 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිස්කාශනය ලැබී ඇති අතර එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාතයවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

මේ අතර 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත පරිච්ඡින්න කිරීමෙන් අනතුරුව කුලී නිවැසියාගේ සහ ගෙවල් හිමියාගේ අයිතිවාසිකම් සමාන ලෙස ආරක්ෂා කිරීම පිණිස නව නීතියක් හඳුන්වාදීමත් එදින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිස්කාශනය ලැබී ඇති බවත් එකී පනත් කෙටුම්පත ඉදිරියේදි රජයේ ගැසට් පත්‍රයේ පල කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිත බවයි අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අනාවරණය වූයේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *