Sat. Jun 28th, 2025

පොදුජන යහපතට නව මත්පැන් බෝතලයක්!

Dec19,2024 #news #sl economy

මත්පැන්වල පවතින අධික මිල අධිකකම නිසා ජනතාව නීතිවිරෝධී මත්පැන්වලට යොමු වී තිබෙන බැව් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

මේ හේතුවෙන් සුරා බදු ආදායම 30%කින් අඩු වී ඇති බවත් නීතිවිරෝධී මත්පැන් වැටලීම කරන අතරතුර විකල්ප වැඩපිලිවෙලක අවශ්‍යතාවද ජනරාල්වරයා අවධාරණය කරනවා.

දැරිය හැකි මිලකට ප්‍රමිතියෙන් යුතු මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට මුදල් අමාත්‍යංශය හා සාකච්ඡා කරන බවත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිතව නව මත්පැන් වර්ගය වෙළෙඳපොලට නිකුත් කරන බවත් ඔහු කියා සිටියා.

කෙසේ වෙතත් අතිශය විශාල බදු මුදල් අය කරමින් මෙරට මත්පැන් අලෙවි කෙරෙන නිසා ජනතාව වැඩි වශයෙන් නීතිවිරෝධී මත්පැන් වෙත යොමු වී තිබෙනවා. කෙසේ වෙතත් මෙකී බදු ජනතාව විසින් ගෙවනු ලැබුවද මත්පැන් ව්‍යාපාරිකයන් රජයට බදු නොගෙවීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුණා.

මෙම නව මත්පැන් වර්ගයක් අවම මුදලකට හඳුන්වා දීම ගැන බොහෝ පිරිස් සාධනීය අදහස් පළ කරනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *