පාස්කු ඉරු දින එල්ල කෙරුණු ප්‍රහාර සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන නව රජය විසින් අලුත් අදියරකට අනුව ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවසුවා.
මේ දක්වා පාස්කු ප්‍රහාරය සම්බන්ධව සැකපිට 747 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් එයින් සැකකරුවන්-සැකකාරියන් 100කට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා ඇති බවත් ඇමැතිවරයා පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවෙන් අනාවරණය වූ කරුණු ද විමර්ශන සඳහා පදනම් කරගන්නා බව ඔහු පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.