ආනමඩුව ප්‍රදේශයේ නිවසකින් පුද්ගල මල සිරුරක් සොයාගෙන තිබෙනවා.
63 හැවිරිදි මෙම පුද්ගලයාගේ සිරුර හමු වී ඇත්තේ ඔහු පදිංචිව සිටි නිවසේ තිබියදීයී.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තනිවම නිවසක ජීවත් වූ තිදරු පියෙක්.
බිරිඳ ඔහුගෙන් වෙන් වී දරුවන් සමග වෙනත් නිවසක පදිංචිව සිටිනවා.
ඝාතනයට ලක් වූ අය මීට දින කිහිපයකට පෙර හඳුනාගත් හැටන් ප්‍රදේශයේ පදිංචි බව කියන පුද්ගලයෙකු නිවසට ගෙන්වාගෙන තිබෙනවා.
ඒ ඔහුගේ නිවසට යාබද වෙළදසැලේ හෝටලයක් දැමීම සදහායි.
කෙසේ වෙතත් එම පුද්ගලයා මේ වන විට පලාගොස් ඇති අතර ඝාතනය ඔහු විසින් සිදු කරන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
මිය ගිය අයගේ බිරිඳ පවසා ඇත්තේ තම සැමියා මෑතකදී ඉඩමක් අලෙවි කර ඇති බවට ආරංචි පවතින බවත් එම මුදල් ඔහු සතුව තිබෙන්නට ඇති බවයි.
ආනමඩුව පොලීසිය මේ පිළිබද පරීක්ෂණ සිදු කරනවා.