Sat. Jun 28th, 2025

කෝටියකට අධික අයිස් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

Jul9,2024

රුපියල් කෝටියකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ රුපියල් ලක්ෂ 10ක මුදල් සමග පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 14ක් හා මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයා ගත් බවට සැකකරන රුපියල් ලක්‍ෂ 10ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා

රුපියල් ලක්ෂ 85ක මුදලකට අයිස් මත්ද්‍රව්‍ය තොගයක් විකිණීමට ගැනුම්කරුවකු සොයන බවට ලද තොරතුරකට අනුව එය මිලදී ගන්නා මුවා වෙන් ගොස් සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය අයත් බවට සැකකරුවන්ගෙන් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ග්‍රෑන්ඩ්පාස් මිහිජය සෙවන මහල් නිවාසයේ සහ ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් දෙදෙනාගෙන් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කිරීමට නියමිතයි.

පොලිස් මත්ද්‍රව්‍ය විනාශක කාර්යාංශය පරීක්ෂණ පවත්වයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *