Fri. Jun 27th, 2025

ජනපති සහ සාර්ක් මහලේකම් අතර හමුවක්

Jun12,2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සාර්ක් මහලේකම් ගොලාම් සර්වාර් මහතා අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වුණා.

සාර්ක් රටවල් අතර ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘතිවලට අදාළව මතුවී තිබෙන ගැටලු විසඳාගැනීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කර ඇති අතර ඒ සඳහා අපක්ෂපාතීව මැදිහත් වන ලෙස ජනාධිපතිවරයා සාර්ක් මහ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මෙරට ක්‍රියාත්මක කෘෂි නවීකරණ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති අතර එහිදී සාර්ක් රටවලින් ලබාගත හැකි සහාය පිළිබඳව ද අවධානය යොමුකර තිබුණා.

ශ්‍රී ලංකාවේ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය මොඩර්න් ආර්ට් සඳහා සංවර්ධනය කිරීම පිළිබඳව ද සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම අවස්ථාවට එක්වී සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *