Sat. Jun 28th, 2025

ආණ්ඩුවට රාසාගෙන් දැවැන්ත ප්‍රහාරයක්: වංචනිකයෙක් කැබිනට්ටුවේ!

Mar4,2025 #news #slpolitics

පසුගිය කාලයේ පොහොර සංස්ථාවේ සේවය කර මූල්‍ය වංචාවක් නිසා වැඩ තහනමකට ලක් වූ අයෙක් වත්මන් කැබිනට් ඇමැතිවරයෙක් ලෙස කටයුතු කරන බව කියමින් බරපතළ චෝදනාවක් ආණ්ඩුව වෙත එල්ල වී තිබෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම්ගෙන්.

ඊයේ (03) පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටි වත්මන් ජනපති අනුර කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි සමයේ එම පුද්ගලයා ගෙනැවිත් ඇති බව සහ ඔහු පොහොර සංස්ථාවේ සේවය කරද්දී අදාළ වංචාව සිදු කළ බවයි.

ඔහුගේ නම කියා නොසිටින්නේ පෞද්ගලිකව මඩ ගැසීමට තමන් අකමැති නිසා බවයි. මූල්‍ය වංචනිකයන් ආණ්ඩුවේ ප්‍රධාන තනතුරුවල සිටීම නිසා ආණ්ඩුව ගැන පැහැදිලි සැකයක් ඇතිවන බව ඔහු තවදුරටත් කියා සිටියා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *