Sun. Jun 29th, 2025

වෙඩි වැදීමකින් පුද්ගලයෙක් මරුට – පොලිස් නිලධාරියෙකුට තුවාල

සීදුව පොලිස් වසමේ කොටුගොඩ පොලිස් මාර්ග බාධකයේ දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී පුද්ගලයෙකු විසින් පොලිස් සැරයන්වරයාගේ ගිනිඅවිය උදුරාගැනීමට උත්සාහ කර තිබෙනවා.

පොලීසිය සඳහන් කර ඇත්තේ, සීදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සීදුවම දෙස සිට පැමිණි මෝටර් රථයක් එලෙස පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇති බවය්.

එම අවස්ථාවේ දී මෝටර් රථයේ වම්පස අසුනේ සිටි පුද්ගලයෙකු විසින් පොලිස් සැරයන්වරයාගේ රාජකාරි ගිනිඅවිය උදුරාගැනීමට තැත් කිරීමේ දී එම අවිය ක්‍රියාත්මක වී අදාළ නිලධාරියාගේ පාදයකට හා උදුරාගැනීමට උත්සාහ කළ පුද්ගලයාගේ උදරයට වෙඩි වැදී තිබෙනවා.

දෙදෙනාම මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මෝටර් රථයේ සිටි 38 හැවිරිදි හෙට්ටියාවල කුඩාගමගේ ශානික දේශාන් නැමති පූගොඩ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සීදුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *