අම්බලන්ගොඩ ප්රදේශයේ මල්ශාලා හිමිකරුවෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ, වයස අවුරුදු 46ක් වූ දකුණ තෙල්වත්ත ප්රදේශයේ පදිංචි සිව්දරු පියෙක්.
අවමංගල රථයේ රියැදුරු අසුන තුළ සිටියදී ඔහුගේ හිසට පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.
මෙම මල්ශාලා හිමිකරු තම අවමංගල ශාලාවේ සේවය කරන සේවකයෙකු රැගෙන ඒම සඳහා ආවාසවත්ත නමැති ප්රදේශයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී මෙම ඝාතනය වී ඇති බව පොලිසිය තවදුරටත් සඳහන් කළේ.
ඝාතනයට ලක් වූ මල්ශාලා හිමිකරුගේ මෘත ශරීරය බලපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මල්ශාලාවේ හිමිකරු රැගෙන ඒමට ගිය සේවකයා ප්රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහුගේ ඇදුම් බෑගය ද අවමංගල රථය තුල තිබී හමුවූ බව පොලිසිය සඳහන් කළා.
මේ පිළිබඳව අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.