සෙවණගල ප්‍රදේශයේ තිබී හෙරොයින් කිලෝ 40ක් සොයාගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.
හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමකින් එම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණා.
මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් බිලියනයක් බවයි වාර්තා වෙන්නේ.
මේ සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙනවා.