Sat. Jun 28th, 2025

අකලට පරවී ගිය පුංචි මල් කැකුල

Aug2,2024

හිසට පොල් ගෙඩියක් වැටීමෙන් සිදුවූ අනතුරකින් මාවනැල්ල නගරයේ පිහිටි පෙර පාසලක ඉගෙනුම ලබමින් සිටි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා .

මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල මාවාන පාර ප්‍රදේශයේ පදිංචිව සිටි රනුලි හසත්මා එදිරිමාන්න නමැති අවුරුදු තුනහමාරක් වයසැති දැරියක්.

අද (01) උදෑසන 10.45ට පමණ පෙර පාසල් පාලිකාව අදාළ පෙර පාසලේ ගේට්ටුව වැසීම සඳහා පන්ති කාමරයෙන් පිටව යාමේදී මෙම දැරිය සහ තවත් දරුවන් දෙදෙනෙක් පාලිකාව සමග මිදුලට දිවගොස් තිබෙන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කර සිටියේ

පසුව දරුවන් තිදෙනා පාලිකාව සමඟ නැවත පෙර පාසල් ගොඩනැගිල්ල තුළට යමින් සිටියදී පෙර පාසලේ වත්තේ තිබූ පොල් ගසක ගෙඩියක් වැටීමෙන් මෙම දැරිය තුවාල ලබා තිබෙනවා .

දැරිය මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී දැරියගේ තත්ත්වය බරපතළ වූ බැවින් මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යැවීමටයි රෝහල් කාර්යමණ්ඩලය පියවර ගෙන ඇත්තේ

එහිදී දැරිය ජීවිතක්ෂයට පත්වී තිබෙනවා .

මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී සිදුකිරීමට නියමිත අතර, මාවනැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි .

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *