යෝග ව්‍යායාම ප්‍රවර්ධනය කරමින් යෝග දිනය සැමරීම සඳහා එක්වන්නැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින්.
සෑම වසරකම ජුනි 21 වනදා ජාත්‍යන්තර යෝග දිනය සමරනු ලබනවා.
යෝග දිනය ගෝලීය සංස්කෘතික දින දර්ශනයේ වැදගත් ස්ථානයක් හිමිකර ගෙන ඇති බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යෝජනාවක් ලෙසයි මෙම යෝග සැමරුම ආරම්භ වූයේ මේ වන විට එය සෞඛ්‍ය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කරන ගෝලීය ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී ඇති බවයි නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපතිතුමාට එවූ ලිපියේ සඳහන් කර ඇත්තේ.
ශ්‍රී ලාංකිය ජනතාව අතර යෝග ප්‍රවර්ධනය කිරිමට මෙන්ම මේ වසරේත් සැමරුම් සාර්ථක කර ගැනීමට ගෞරවනීය සහයෝගය අඛණ්ඩව බලාපොරොත්තු වන බව ජනාධිපතිවරයාට එවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.