77 වන නිදහස් දිනය සැමරීම සඳහා පාකිස්තාන වැසියන් විශාල පිරිසක් ඊයේ රාත්‍රියේ සිටම එක්ව සිටිනවා.
විචිත්‍රවත් ගිනිකෙළි සංදර්ශනයක් හා සංගීත ප්‍රසංගයක් කරච්චි අගනුවර පැවති අතර ඊට සහභාගී වීමට බොහෝ පිරිසක් මෙලෙස එක්ව සිටියා. මෙම සංගීත ප්‍රසංගයට පකිස්තාන කීර්තිමත් ගායක අතීෆ් අස්ලාම් ද එක්ව සිටියා.
අද උදෑසන කාලයේදී විවිධ රාජ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ හා ආයතන විවිධ ස්ථානවල උත්සව සංවිධාන කළා.
එමෙන්ම නිදහස් දින රැළි ද සංවිධාන කර තිබුණා.
මේ අතර කරච්චි හි පැවති නිදහස් දින සැමරුම අතරතුර ගිනි කෙළි හා වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයින් 70 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
1947 අගෝස්තු 14 වනදා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදී පකිස්ථානය නිදහස ලැබුවා.