Fri. Jun 27th, 2025

හිනිඳුම බිහිසුණු වෙඩි තැබීමක්: 3ක් එතැනමයි!

Jan31,2025 #news #police

ගාල්ල, හිනිඳුම පනංගල ප්‍රදේශයේදී පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ටී56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම කර ඇතැයි පොලිසිය පවසනවා. සිදුවීම ඊයේ රාත්‍රී 11.15ට පමණ සිදුව තිබුණා.

මිය ගිය තිදෙනා නවාතැන්පළක මත්පැන් පානය කරමින් සිට ඇති අතර වයස 29,54 වියැති දෙදෙනක් ඒ අතර වනවා. අනෙක් පුද්ගලයාගේ වයස තහවුරු වී නැහැ. සංවිධානාත්මක අපරාධ කල්ලි ගැටුමක ප්‍රතිඵලයක් යැයි සැක පහළ වී තිබෙන මෙම ඝාතනයේ, සැකකරුවන් සොයා පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *