Sat. Jun 28th, 2025

මෙහෙමත් හොර හිත්

Aug27,2024

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් විසි දෙලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (27 ) දින අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු අනුරාධපුර , මඩාටුගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකු වන අතර ඔහු ඩුබායි හි ටැක්සි රථ රියැදුරුවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක්

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ දුම්වැටි 14,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 74 ක් සඟවා තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණා.

මේ වනවිට මෙම පුද්ගලයා පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , එළඹෙන මේ මස 30ස් වන දින මෙම පුද්ගලයා සමග ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගය ද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *